ANAPANASSATI SUTTA SINHALA TRANSLATION

  • This topic has 1 reply, 2 voices, and was last updated 5 years ago by Yeos.
Viewing 1 reply thread
  • Author
    Posts
    • #21308
      Yeos
      Participant

      Hi,

      Below partial translation of the above Sutta, author A.P. Zoysa.

      https://suttacentral.net/mn118/si/zoysa

      When using Google translation the word “breath” and “breathing” appears alot,but I suppose it’s wrong, since it’s about “software” translation ? Thanks.

      “Msdiv149 මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ පුරුදු කරන ලද්දාවූ, ආනාපාන සතිය සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරේද? මහණෙනි, යම් කලක මහණතෙම දිගට හුස්ම ගන්නේ හෝ දිගට හුස්ම ගන්නෙමියි දනීද, දිගට හුස්ම පිටකරන්නේ හෝ දිගට හුස්ම පිටකරන්නෙමියි දනීද, කොටින් හුස්ම ගන්නේ හෝ කොටින් හුස්ම ගන්නෙමියි දනීද, කොටින් හුස්ම පිටකරන්නේ හෝ කොටින් හුස්ම පිට කරන්නෙමියි දනීද, සියලු ආශ්වාස ප්‍රශ්වාසකය දන්නේ හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, ආශ්වාස ප්‍රශ්වාසයන් තුනී කරමින් හුස්ම ගන්නෙමියි

      හික්මෙයිද, ආශ්වාස ප්‍රශ්වාසයන් තුනී කරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, මහණෙනි, එකල කය අනුව බලන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාවූ විමසන නුවණ ඇත්තාවූ, සිහිය ඇත්තාවූ මහණතෙම පඤ්චස්කන්ධය නමැති ලොකයෙහි ලොභය හා ද්වෙෂය දුරුකොට වාසය කරයි.

      “මහණෙනි, ‘මම මේ ආශ්වාස ප්‍රශ්වාස කාය කොට්ඨාසයන් අතුරෙන් එක්තරා කාය කොට්ඨාසයකැයි කියමි.’ මහණෙනි, ඒ නිසා මේ ශාසනයෙහි මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ නුවණින් යුක්තවූ සිහියෙන් යුක්තවූ මහණ තෙමේ කයෙහි කය අනුව බලමින් පඤ්චස්කන්ධ ලොකයෙහි ලොභය හා ද්වෙෂය දුරුකොට වාසය කරයි.

      “මහණෙනි, යම් කලක මහණතෙම ප්‍රීතිය දැන ගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, ප්‍රීතිය දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, සැපය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙන්නේද, සැපය දැනගනිමින් හුස්ම පිට කරන්නෙමියි හික්මෙන්නේද, චිත්ත සංස්කාරය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙන්නේද, චිත්තසංස්කාරය දැන ගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙන්නේද, චිත්ත සංස්කාරය සංසිඳුවමින් හුස්ම ගන්නෙමියි හික්මෙන්නේද, චිත්ත සංස්කාරය සංසිඳුවමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙන්නේද, මහණෙනි, එකල වේදනාවන්හි වේදනාව අනුව බලන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාවූ, නුවණ ඇත්තාවූ, සිහිය ඇත්තාවූ මහණතෙම් පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ දොසය දුරුකොට වාසය කරයි.

      “මහණෙනි, යම් ආශ්වාස ප්‍රශ්වාසයන් මනාකොට මෙනෙහි කිරීමක් වෙයිද, මම එය වෙදනාවන් අතුරෙන් එක්තරා වෙදනාවකැයි කියමි. මහණෙනි, ඒ නිසා මේ ශාසනයෙහි මහණතෙම එකල්හි කෙළෙස් තවන උත්සාහ ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ පඤ්චස්කන්ධ ලෝකයෙහි ලොභය සහ දොසය දුරුකොට වාසය කරයි. මහණෙනි, යම් කලක මහණ තෙම සිත දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, සිත දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, හිත සතුටු කරමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, හිත සතුටු කරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, හිත මනාකොට එකඟකරමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, හිත මනාකොට එකඟ කරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, හිත කෙළෙසුන් කෙරෙන් මුදවමින් හුස්ම ගන්නෙමියි හික්මෙයිද, හිත කෙළෙසුන් කෙරෙන් මුදවමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයිද, මහණෙනි, එකල සිතෙහි සිත අනුව බලන්නාවූ කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තාවූ, නුවණ ඇත්තාවූ, සිහිය ඇත්තාවූ මහණතෙම පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ දොසය දුරුකොට වාසය කරයි. මහණෙනි, මම සිහි මුලාවූ නුවණ නැත්තාහට ආනාපාන සති භාවනාව නොකියමි.

      “මහණෙනි, ඒ නිසා මේ ශාසනයෙහි මහණ තෙම එකල්හි සිතෙහි සිත අනුව බලමින් කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නුවණ ඇත්තේ, සිහිය ඇත්තේ, පඤ්චස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ දෝසය දුරුකොට වාසය කරයි.

    • #21310
      Lal
      Keymaster

      Whether it is a translation to English or Sinhala, if “assasa passasa” is translated in the context of Anapana bhavana, then it does NOT mean “breathing in, breathing out”.

      It is not a “software translation”. It was done by a person named Zoysa who lived in Sri Lanka (the authorship is shown in the link).

      • #21312
        Yeos
        Participant

        BY “software translation” i mean a translation that i did myself using Google Translation app : on left column one pastes de texte in Sinhala and translation shows on the right column.

        As for Zoysa : yes i read about him.

        Assasa : There is the Assasa Sutta which is about contemplating on the right views about i.e. sensual pleasures and (no)self which is a Sutta in itself as Anapanassati Sutta too is.
        In other words: perhaps that when translating the latter, one should envisage it separately from Assasa. And so being, translating an-apana as “breathe” “breathing in & out” etc might be right…

Viewing 1 reply thread
  • You must be logged in to reply to this topic.